Business

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (18) දිනයේ දී රු. ට්‍රිලියන 6 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 6.04 ක් හෙවත් රු. බිලියන 6,045.33 ක් ලෙසින් සටහන් වුණි.

මේ අතර අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,457.20 ක් ලෙසින් සටහන් වුණි.

එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 118.71 ක ඉහළ යාමකි.

තවද S&P SL20 දර්ශකය ඒකක 63.51 කින් ඉහළ ගොස් එය ඒකක 4,618.45 ක් ලෙසින් වාර්තා විය.

මෙම දර්ශක අගයයන් දෙකම මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම දර්ශක වටිනාකම් වීමද විශේෂත්වයකි.

Related posts

හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළට

colombotoday

වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවයි.. Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි

colombotoday

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday

“රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා”- මහ බැංකුව

colombotoday

ඩොලරය රුපියල් 230 සීමාවේ

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday