Colombo Today Local News

QR කේතයට බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර

QR කේත ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව අමාත්‍යාංශය පවසයි.

QR කේතය මගින් පිරවුම්හල්වලින් නිකුත් කරන සියලු ඉන්ධන තොග අදාළ මෘදුකාංගය හරහා ගණනය වේ.

ඒ අනුව සෑම දින දෙකකට වරක්ම එක් එක් පිරවුම්හලින් නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳව ලිඛිතව දැනුම්දීමක් සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.

එහිදී QR කේත ක්‍රමයට බාහිරව නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳ සාධාරණ හේතු නොදැක්වුවහොත් එවැනි පිරවුම්හල්වලට සපයන ඉන්ධන ප්‍රමාණය සීමා කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

colombotoday

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday

අපරාධ වාර්තා කොට්ඨාශය නිරීක්ෂණයට ගිය පලමු පොලිස් ඇමති

colombotoday

මෛත්‍රීපාල 2015 ජනවරමට සම්පූර්ණයෙන්ම පිටු පෑවා… පාර්ලිමේන්තුව වහා කැදවනු…

colombotoday

ලංකා සතොස වාහන අවභාවිත කිරීම : අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

colombotoday

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday