මාළු මිල මේ දිනවල විශාල වශයෙන් වැඩිවි ඇති බව පාරිභෝගිකයින් ප්‍රකාශ කරයි.
ගාල්ල ධීවර වරාය තුල රුපියල් 300 මිලකට තිබු සාලයා කිලෝවක් රුපියල් 900 හා1000 දක්වා ද රුපියල් 300ට තිබු ලින්නා කිලෝවක තොග මිල රුපියල් 1100 දක්වා ද බලයා, කෙලවල්ලා ඇතුළු සෑම මාළු කිලෝවක මිල රුපියල් 1400ත් 1600ත් අතරේ මිල ගණන්වල ද පවතින බව වෙළදපොල සමික්ෂණයේ දි අනාවරණය විය.
වාරකන් නිසා පසුගිය සති කිහිපය තුල ධීවරයින් වැඩි පිරිසකට මුහුදු යාමට නොහැකිවීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවිම නිසා මසුන්ගේ මිල වැඩිවි ඇති බව ධිවරයෝ පවසති.