Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

ප්‍රවාහන කටයුතු සඳහා දුම්රිය භාවිත කිරීමේ දි මගී තදබදයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, දුම්රිය ගමන් වාර කිහිපයක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ධම්මික ජයසුන්දර මහතා,

“දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන ලෙසත්, දුම්රිය තුළ ගමන් කිරීමේ දී මුඛ ආවරණ පලඳාගෙන රජයෙන් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් ගමන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. දුම්රිය ස්ථානයට ඇතුළුවීමේ දී අත්සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තියෙනවා. එම පහසුකම් භාවිත කර, රෝගය ව්‍යාප්තවීම මැඩපැවැත්වීම සඳහා උදව් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන්ම දුම්රිය සේවය ලබාගන්නා මගියාගේ සහ භාණ්ඩ ප්‍රවාහනකරුගේ අවශ්‍යතාවය පරිදි අනුගත විය යුතුයි. ඒ සඳහා අපි කරන නිරීක්ෂණ චාරිකා සහ මගීන්ගෙන් සහ අනෙකුත් අංශවලින් ලැබෙන ප්‍රතිචාර මත සේවය ලබාදීමට අවශ්‍ය පරිදි සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Related posts

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin

විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසන්න කමිටුවක්

colombotoday

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday