Colombo Today Local News

විහාරස්ථානයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

විහාරස්ථානයක් තුළදී කුඩා දරුවෙකු අපයෝජනය කළ චිත‍්‍ර ශිල්පියෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියමකර තිබේ.

එම පුද්ගලයා සිද්ධිය සිදුවූ විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි පුද්ගලයෙකු බව අධිකරණයේදී අනාවරණය විය.

තලාව ප‍්‍රදේශයේ රජමහ විහාරස්ථානයක මෙම සිද්ධිය සිදුවී තිබුණි.

2013 වසරේ ජූනි මස 1 වන දින සිට එම මාසයේ 30 වන දින දක්වා අතර කාලය තුළ එම දරුවා අපයෝජනය වී තිබුණි.

අපයෝජනයට ලක්ව තිබුණේ බාල වයස්කාර පිරිමි දරුවෙකි.

වරදකරු විසින් වරින්වර විහාරස්ථානය තුළදීම එම දරුවා අපයෝජනය කර ඇති බව අනාවරණය වී ඇත.

චිත්‍ර ශිල්පියාට එරෙහිව අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 06ක් ගොනු කර තිබුණි.

ඊට අමතරව වින්දිත දරුවාට මුදලින් රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කර තිබේ.

Related posts

අග්‍රාමාත්‍ය ලේකම්ටත් කොවිඩ්

colombotoday

මාව විකට් ගන්නා පන්දු යවන්නෙක් කලේ නුවන් කුලසේකර – ලසිත් මාලිංගගෙන් ප්‍රකාශයක්

colombotoday

මුලතිව්හි ශෝකජනක සිදුවීමක්: කොට්ටුකිනාරු කෝවිල් පොකුණේ ගිලී පාසල් සිසුවියන් දෙදෙනෙක් මිය යයි

Admin

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

Admin

කාන්තාවන්ගේ කැමැත්තෙන් පිරිමි ළමයින් දූෂණය කිරීමත් අපරාධයක්

colombotoday

සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමක්

colombotoday