World

ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන්නැයි දැඩි ඉල්ලීම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන ලෙස එරට විපක්ෂ බලවේග දැඩි ඉල්ලීම් සිදුකර තිබේ.

කැපිටල් ගොඩනැල්ලේ ඇති වු සිද්ධියෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විරෝධතා එල්ල වී ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරින් කිහිපදෙනෙකු ද ඊයේ (07)දින ඉල්ලා අස් වී තිබේ.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 25 වන සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ 08 දෙනෙකුගේ ඉල්ලීමකින් ජනාධිපතිවරයා ඉවත් කිරිමේ හැකියාව පවතී.

කථානායිකා නැන්සි ෆෙලොසි ප්‍රකාශ කර ඇත්තේ, ට්‍රම්ප් ඉවත් නොවන්නේ නම් ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බවය.

Related posts

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරින් ජීවිත 160ක් අහිමියි

colombotoday

මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !

colombotoday

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday