Colombo Today Local News

විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කල 13ක් අත්අඩංගුවේ

බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ දි විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කල පුද්ගලයින් 13 දෙනෙකු, කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක්, ජංගම දුරකතන 02ක්, බැංකු කෙඩිටි කාඩ්පත් තොගයක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය අලෙවි කර උපයාගත් රැපියල් 32,000 ක මුදලක් සමග අද (08)දින උදැසන අත්අඩංගුවට ගෙන ඇතැයි පින්නවල පොලිසිය පවසයි.

පින්නවල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි පුද්ගලයකු මෝටර් රථයෙන් එම හෙරොයින් මත්ද්‍රව්‍ය විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට බෙදා හැර ඇති අතර පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෝටර් රථය සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සමග මොහු පළමුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට ඔහුගෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් පුද්ගයන් 12 දෙනෙකුගේ තොරතුරු ලබා දුන් බව පොලිසිය පැවැසීය. ඒ අනුව ඔවුන්ද හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය කීය.

කාලයක් තිස්සේ ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් මෙලෙස හෙරෝයින් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට පොලිසිය සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පි.අමරතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එම වැටලීම සිදු කළහ.

Related posts

කල්පිටියෙන් ඇල්ලූ මිලියන 60 කහ තොගය

colombotoday

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු කෙනෙක්“ – සමනලීගේ පශ්චාත්තාපය

colombotoday

චීනයෙන් මහින්දගේ මැතිවරණයට ඩොලර් මිලියන 7ක්.. මිලියන 1.7 චෙක් දෙකක් අරලියගහ මන්දිරයට.. ප්‍රසිද්ධ හිමිනමකට ඩොලර් 38.000ක් – Newyork Times හෙලි කරයි

colombotoday

ජනපතිතුමාට කියා මාස 3 කින් පරවිපාංජාන් හමුදා කදවුර ඉවත් කර දෙනවා – විජයකලාගෙන් සහතිකයක් !

colombotoday