කොස්ලන්ද දෙමටපෑලැස්ස ප්රදේශයේ කැලෑවකින් ගංජා තවාන් කොටස් 12ක් අද (13)දින හමුවූ බව කොස්ලන්ද පොලිසිය කියයි.
අක්කර 8 ක පමණ ගංජා තවාන් දමා ඇති බව පොලීසිය සඳහන් කළේය.
මීට සම්බන්ධ සැකකරුවකු සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ද සැකකරු හඳුනා ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය කියයි.
කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.