Colombo Today Local News

ටෙලි නිලියක් මහ රෑ ‍ගේට්ටුවත් කඩාගෙන පාර්ලිමේන්තු ගිහින්… ගොඩින් බේරෙන්න තරුණ ඇමතිගෙන් අත හිත

ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන රිතූ ආකර්ශා අනතුරකට ලක්ව තිබේ.

ඇය පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වන ප්‍රධාන දාරටුව හරහා ගමන් කර එහි යොදා තිබූ ආරක්ෂක ප්ලාස්ටික් කෝන් කිහිපයක් කඩාගෙන ගොස් තිබේ.මේ අනතුර ඊයේ (23) අලුයම සිදුව ඇති බව පැවසේ.

ඇගේ රථය රාත්‍රි කාලයට වසා තිබෙන ප්‍රධාන මාර්ග බාධක කඩාගෙන මීටර් 30ක් පමණ ඉදිරියට ගොස් ඇති බව පාර්ලිමේන්තුව පොලිසියේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර ටෙලි නාට්‍ය නිළියට තුවාල සිදුවී නොමැති බවද වාර්තා වේ. එම අවස්ථාවේදී රිතූ තම ජංගම දුරකතනයෙන් තරුණ කැබිනට් ඇමැතිවරයකුට දුරකථන ඇමතුමක් දුන් බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එම අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසියද ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර පොලිසිය භාරයට ගත් ඇගේ මෝටර් රියේ තිරිංග පරීක්ෂාව සඳහා මෝටර් රථ පරීක්ෂකයකු කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇති බවද පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය අනතුරක් වළක්වා නොගැනීම, රජයේ දේපළකට හානි කිරීම යන චෝදනා යටතේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර රුපියල් ලක්ෂයක ඇප මත ඇය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදාහැර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

හෝමාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Admin

මංගල සමරවීර හමුදාව පාවාදීලා රට පාවාදුන්න වසලයෙක්… ප්‍රජාතන්ත්‍රවාදය වැනසුවේ යහපාලනයයි – සෙන්පති කමල් ගුණරත්න

colombotoday

මගේ අමාත්‍යාංශයට දී ඇත්තේ බෝඩ් ලැලි අයතන 04ක් පමණයි… මගෙන් පලි අරන්…

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday