මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එළැඹෙන වසරේ අයවැය ප්‍රකාශනය සෑදීම සදහා මූලික වි ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකු වන ආර්.පාස්කරලිංගම් මහතායි.
ඔහු හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේද සමීපතම හිතවතෙකු වූ අතර නිවාස, ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේද කටයුතු කර ඇත. ඔහු දැනට අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශකවරයකු ලෙස සේවය කරන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සදහා දායකවී ඇත.
රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාව බොහෝ තැන් අපහැදිලි බවද, එහි සදහන් කළ ගණන් හිලව් එකිනෙකට පරස්පර යැයිද විපක්ෂය දෙසින් චෝදනා නැගිනි.