Colombo Today Sports News

අනූෂ සමරනායකටත් ඔස්ට්‍රේලියා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ පුහුණුකරු ධුරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අනූෂ සමරනායක මහතා, ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ සහාය පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ, 2021 සහ 2022 තරග වාරය වෙනුවෙන් එම පත් කිරීම සිදු කර ඇති බවය.

අනූෂ සමරනායක මහතා 2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටී.එම් ඩිල්ෂාන් එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබේ.

Related posts

නිලූක කරුණාරත්නට නැවතත් ඔලිම්පික් වරම්.

colombotoday

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

colombotoday

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

colombotoday

IPL තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කරයි

colombotoday