ජර්මනියේ සංගීත සංදර්ශනයක් ආසන්නයේදී සිරියානු සංක්රමණිකයෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීම නිසා පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා, ප්රහාරකයාද ජීවිතක්ෂයට පත්ව තිබේ.
දකුණුදිග අන්ස්බැච් නගරයේ පැවති සංගීත සංදර්ශනයක් වෙත 27 හැවිරිදි මෙම ප්රහාරකයා ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුට ඒ සඳහා අවස්ථාව ලැබීනැත.
කෙසේ වෙතත්, පසුව මොහු ඊට ආසන්න ජනයාගෙන් පිරී ගිය අවන්හලක් ඉදිරියේදී මෙම මරාගෙන මැරෙන ප්රහාරය දියත් කර තිබේ. කෙසේ වෙතත්,මෙම බෝම්බ පිපිරීමත් සමග එම ප්රසංගයට සහභාගී වූ පුද්ගලයන් 2,500ක් පමණ ඉවත් කර තිබුණි.