Colombo Today Local News

හොරෙන් ගෙනා වාහන 03ක් රේගුවෙන් පන්නන්න යහපාලන ඇමති ලේකම්වරියගෙන් බලපෑම්

rrrr-1-640x360

ජපානයේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙන්වූ සුඛෝපභෝගී වාහන තුනක් මුදාහරින ලෙස මෙරට ප්‍රධාන පෙලේ දේශපාලකයෙකුගේ ලේකම්වරියක් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් සිදුකර ඇති බව රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

අදාල දේශපාලඥයාගේ ලේකම්වරිය විසින් ශී‍්‍ර ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද MRKU3732733 දරණ අඩි 40 කන්ටේනරය මුදා හරින ලෙස ඉල්ලා රේගු ප‍්‍රධානියකුගෙන් ඉල්ලීමක් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව අදාල කන්ටේනරය මාතර පිහිටි පෞද්ගලික ගුදමක් තුළ විවෘත කිරීම සඳහා ද රැගෙන යාමට රේගු ප‍්‍රධානියෙකු අවසර ලබා දී තිබේ.

එසේ කන්ටේනර් රථය මාතරට ගෙන ගිය පසු විවෘත කරන අවස්ථාවේදී එහි සිටි රේගු නිලධාරීන් මෙම වාහන 03 දැක එම කන්ටේනරය අත්අඩංගුවට ගෙන නැවත රැගෙනවිත් ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

එම කන්ටේනරයේ සඟවා නව මාදිලියේ පැජරෝ රථයක්, මිනිකූපර් රථයක් සහ කාර් රථයක් තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අඩි 40 කන්ටේනරය මෙරටට ආනයනය කර ඇත්තේ පාවිච්චි කරන ලද වාහන උපකරණ ගෙන්වන මුවාවෙනි.

තීරු බදු රහිතව නීති විරෝධී අන්දමින් ගෙන්වූ මෙම වාහන හේතුවෙන් රජයටද විශාල පාඩුවක් සිදුව ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දුන්හ.

පසිඳු සමරවීර
Rivira

 

Related posts

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

colombotoday

හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Video

colombotoday

බන්ධනාගාරගත රන්ජන් , ශාස්ත්‍රවේදි උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්ෂණයට

colombotoday

අතුරු අයවැයට ඡන්ද විමසීම අද

colombotoday

කුරුණෑගල ආරක්ෂාව දැඩි කෙරේ. බස් නැවතුම්පළ වසා දමයි

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday