Colombo Today Local News

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

ගාල්ල, මාගාල්ල ඉන්ධන පිරවුම්හලකදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල, මාගාල්ල ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර ඊයේ (07)දින රාත්‍රි ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා ලැබූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, තුවාල ලැබූූවන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මියගොස් ඇත්තේ හබරාදුව, වංචාවල යටගල පදිංචිව සිටි 25 හැවිරිදි සරසවි ශිෂ්‍යයෙකි.

දින කිහිපයක සිට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ සිටි මෝටර් රථයක අයිතිකරු හමුවීමට ඔහුගේ යහළුවෙකුත්, යහළුවාගේ සහෝදරයා හා බිරිඳ පැමිණ ඇති අතර එම සිව්දෙනා ම තේ පානය සඳහා හෝටලයකට ගොස් නැවත පැමිණීමේදී නතර කර තිබූ මෝටර් රථය ඉදිරිපසින් තවත් මෝටර් රථයක් නතර කර තිබීම නිසා ඒ පිළිබඳව විමසීමට යාමේදී මෙම ආරවුල හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

පහරදීම්වලින් මියගිය ගොස් ඇත්තේ, පෝලිමේ රැඳී සිටි මෝටර් රථයේ හිමිකරු හමුවීමට පැමිණ සිටි යහළුවායි.

මෝටර් රථයේ හිමිකරු හා මියගිය තරුණයාගේ සහෝදරයා ද පහරදීම්වලින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පහරදුන් පාර්ශවයේ අයකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුව ඇත්තේ, ඉන්ධන පිරවුම් හලේ සිට මීටර් 200 කට ආසන්න දුරකිනි.

Related posts

හමුදාවට ස්ත්‍රී දූෂණ චෝදනා කරද්දී ලංකාවේ ජිනීවා නියෝජිතයා කට වහගෙන ෆේස්බුක් ගියා.. මහාචාර්ය චන්න රහසක් හෙළි කරයි.. මංගල ලා රටට කළ අපරාධය මෙන්න…

colombotoday

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

colombotoday

බැඳුම්කර මගඩියට අදාළ දුරකතන දත්ත සටහන් 100ක් ඉහළ නියෝගයෙන් මකා දමලා !

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday

ගෑස් හා ඉන්ධන ඉල්ලා නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් විරෝධතාවයක

colombotoday

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday