ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමට කැමැති ආයතන සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
එසේ ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන ආයතන සහ පුද්ගලයන්ට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියට පිවිස පෝරමය ලබාගත හැකි බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.