Colombo Today Local News

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

champika r 33

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඔහු විසින් රචිත නවතම කෘතිය වන “ප්‍රවේසමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙන්” කෘතිය අද දොරට වැඩීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය. එම උත්සවය ඊයේ පස්වරු 3ට කොළඹ 7 පදනම් ආයතනයේදී ආරම්භ විය.

පසුගිය කාලයේ දේශපාලන ආර්ථික හා සමාජයීය පරිසරය තුළ සංවාදයට බඳුන් වූ කරුණු බොහෝමයක් බලය සහ බලය පොතින් චම්පික රණවක ඇමතිවරයා අනාවරණය කළ අතර එහි දෙවැනි අදියර ලෙස ආලාපාළු ආර්ථිකය එළිදැක්වූ අතර ඉන් පසු එළිදැක්වුණේ මෙම පොතය. එහි තිබූ විශේෂත්වය බවට වූයේ ඩ්‍රෝනා කැමරා භාවිත කරමින් ඇමතිවරයාට පොත පිළිගැන්වීමට කටයුතු යොදා තිබීමයි.

මේ සඳහා ඩ්‍රෝනා කැමරා ත්‍රිත්වයක් යොදාගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබූ අතර යහපාලන විප්ලවය, ජාතික ගිණුම් සංකල්පය, අය-ණය හා වැය, කළයුත්තේ කුමක්ද? යන පරිච්ඡේද හතර පමණක් නව කෘතියට ඇතුළත් කිරීමට ඔහු කටයුතු කර තිබිණ.

එහිදී උත්සව සභාව අමතමින් පාඨලි චම්පික රණවක කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවයි. තවද මෙරට අධිකරණය ස්වාධීන වුවද එහි කළමනාකරිත්වයක් දක්නට නොමැති බවත්, එහි කළමනාකාරිත්වයක් ඇති කළ යුතු බවත්, ඔහු පෙන්වා දුන්නේය.

අද වනවිට රට තුළ මූල්‍ය අර්බුදයක් තිබෙන බවත්, එහි පියවරු යහපාලන ආණ්ඩුවම නොවන බවද ඔහු කියා සිටියේය. ණය සහ පොලීය ගෙවීමට ආණ්ඩුවේ ආදායම් ප්‍රමාණවත් නොමැති බැවින් දෛනික වියදම් පියවා ගැනීම සඳහා මෙන්ම රාජ්‍ය ආයෝජන සිදුකිරීම සඳහා ණය ලබාගැනීමට සිදුව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

Related posts

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

colombotoday

ගුරුකන්ද විහාර භූමිය බැකෝ කරයි – ආරක්ෂාවට සිටි තරුණයාට මරා වල දමන බවට තර්ජන (Video)

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday

මම නැත්නම් මහින්ද තවමත් ජනාධිපති – ෆොන්සේකා.

colombotoday

අපි ඉන්නේ ගිනි ගොඩක…

colombotoday