දිවයින පුවත්පත රාජපක්ෂ කල්ලිය සමග එක්වී තම නායකයාට එරෙහිව මඩ ප්‍රචාරයක් ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලෙකම් විජිත හේරත් මහතා පවසයි.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් දිවයින පුවත්පත කර ඇති හෙළිදරව්ව සම්බන්දයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විජිත හේරත් මහතා මෙසේ අදහස් දක්වා ඇති අතර, ජවිපෙ නායකයා පසුගියදා යෙදුණු රහසිගත අයර්ලන්ත සංචාරය පිළිබදව වචනයක්වත් නොපැවසීමට ඔහු වගබලාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද මාධ්‍ය වෙත අදහස් පල කර ඇතත් එල්ල කර ඇති චෝදනා ගැන හෝ අයර්ලන්තය ගැන හෝ කිසිදු අදහසක් පල කර නැත.