Colombo Today Local NewsUncategorized

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් රාවණා ඇල්ල ප්‍රදේශයේදී සහ හුංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පෙරේදා 20 හුංගම ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේදී බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබී ඩෙටනේටර් 15ක්, ග්‍රෑම් 890ක් බර ඩයිනමයිට් කරල් 07ක්. කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 365ක් බරැති ඇමෝනියම් පාර්සල් එකක් සහ අඩි 35ක් දිග සේවා නූලක් සොයාගෙන ඇත.

මේ අතර ඊයේ 21 ඇල්ල වැල්ලවාය මාර්ගයේ බස්රථයක පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. තණමල්විල සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ එම බස්රථයේ සිටි සැකකරු සතුව වෝටර් ජෙල් වර්ගයේ අධිබලැති පුපුණ ද්‍රව්‍ය ග්‍රෑම් 700ක් අඩංගු කරල් 5ක්, ඇමෝනියා නයිට්‍රෙට් ග්‍රෑම් 250ක්, අඩි 64ක් දිග වෙඩිනූල් සහ ඩෙටනේටර් 10ක් තිබූ බවද ඇල්ල පොලීසිය සදහන් කරයි.

Related posts

ඥානසාර හිමිට දඬුවම් දීම රටට ජාතිය අහිමි වීම සහ ජාතියට රට අහිමි වීමේ එක් අවස්ථාවක්. ඉඳුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

ගෝඨාගේ පළමු මහජන රැළිය අනුරපුරේදී !

colombotoday

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday

මහින්දානන්ද, නලීන් – ඊළඟට ජොනී?

Admin

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

Admin

අනුර අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස මෙන්න

Admin