Colombo Today Local News

ආණ්ඩුව පෙරලන්න පිල් දෙකකින් මෙහෙයුමක්… පක්ෂ නායක රහස් හමුවක්… පිල් මාරුවකුත් සූදානම්

e8h59sn4

වත්මන් ආණ්‌ඩුව පෙරළා දමා නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට එකිනෙකට එරෙහි බලවේග දෙකක්‌ මේ දිනවල වෙන වෙනම සාකච්ඡා අරඹා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කරුණු හෙළිදරව් කර සිටියි.

ජනාධිපතිවරයාගේ සිත දිනා සිටින එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තේරී පත්වූ රජයේ බලවත් ඇමැතිවරු දෙදෙනෙක්‌ සමග එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ නායකයෙක්‌ මේ එක්‌ සාකච්ඡාවකට මුල්වී ඇති අතර එක්‌සත් ජාතික පක්‍ෂයෙන් කලකිරී සිටින තරුණ මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිගත් මැති ඇමැතිවරු සැලකිය යුතු පිරිසක්‌ දැනට මේ සාකච්ඡාව තුළ ගොනුවී සිටිතැයි ආරංචි මාර්ග පවසයි.

මේ සාකච්ඡාව සිදුවන බව කල්තියා වටහාගත් වත්මන් අගමැතිවරයා නියෝජනය කරන එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතර පාර්ශ්වය ද එම අනතුරෙන් ගැලවී, දිගින් දිගටම රජය රැක ගන්නට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රී විරෝධී කණ්‌ඩායම සමග වෙනම සාකච්ඡාවක්‌ද පවත්වමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් කරුණු හෙළිදරව් කර සිටියි.

දැනට මෙම පාර්ශ්ව දෙක එකිනෙකාට රහසිගතව බිම් මට්‌ටමේ මූලික සාකච්ඡා වාර කිහිපයක්‌ පවත්වා ඇති අතර ඒවායේ සාර්ථකත්වය මත නුදුරේදීම ඒ ඒ පාර්ශ්ව වල නායකයෝ එකිනෙකා හා හමුවීමටද නියමිත බව ආරංචි මාර්ග කියා සිටිති.

– දිවයින

Related posts

කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිවේ

colombotoday

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

මැලිබන් බිස්කට් එකේ ගෝස් කැබැල්ලක් ! බලධාරීන්ට පැමිණිලි !

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

දෙහිඹ්විට පහළ තල්දූව හුදකලා කෙරේ

colombotoday

මේ වැරැද්ද කලොත් බටහිරයට කෙලින්ම ගහනවා

Admin