Colombo Today Local News

විදුලි බිල්පත් නිකුත් කිරීම නවතී… බිල දෙන්න අලුත් ක්‍රම 3ක්

විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා ඇත. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයින් වෙත මාසික විදුලි බිල්පත් නිකුත් කිරීමේදී පහත ක්‍රමවේද භාවිතා කරනු ඇත.

තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම (thermal printed bills) — කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ‍‍ඇත්නම්, ඔවුන් වෙත මාසික මනු කියවීමේදී මෙම බිල්පතක් නිකුත් කරනු ලැබේ.

කෙටි පණිවිඩ මඟින් (SMS) — මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.

CEBCare ජංගම දුරකථන යෙදුම – CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත.

වඩාත් කාර්යක්ෂම වූ පාරිභෝගික සේවාවක් සැපයීම මෙන්ම ආයතනික කටයුතු පරිගණකගත කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “CEB Assist” වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ලෙස මෙම බිල්පත් නිකුත් කිරීමේ නව ක්‍රමවේද ත්‍රිත්වය හඳුන්වා දෙන ලද අතර, බිල්පත් යොමු කිරීමේ සිව්වන ක්‍රමවේදය ලෙස විද්‍යුත් තැපැල් මඟින් ඊ-බිල්පත් නිකුත් කිරීම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සැකසුම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

විදුලි බිල්පත් පෙරාතුව මුද්‍රණය කර බෙදාහැරීම වර්තමානයේ මතුව ඇති කඩදාසි හිඟය හේතුවෙන් කළ නොහැකි වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය අතර, මෙම නව ක්‍රමවේද වෙත යොමු වීම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට පමණක් නොව, මුද්‍රිත බිල්පත් සඳහා වැයවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමට ද දායක වනු ඇත.

Related posts

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

රාජිත සේනාරත්නට ඇප ලබාදුන් නියෝගයට එරෙහි ප‍්‍රතිශෝධන ඉල්ලීමේ තීන්දුව හෙට

colombotoday

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා – හිටපු ඇමැතිවරුන්ට ඇතුළු සියයකට නඩු!

Admin

ඩෙංගු මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට..

Admin

හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයකින් අරමුදල් සපයලා – CIDය අධිකරණයට දන්වයි

colombotoday

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin