ලබන වසර සදහා ලංකාවේ අයවැය පරතරය දල ජාතික ආදායමෙන් 5.9% ක් හෙවත් රුපියල් බිලියන 740 ක් වනු ඇතැයි රජය පවසයි.
එම පරතරය පියවා ගැනිම සදහා රුපියල් බිලියන 557 ක් දේශීය වශයෙනුත් රුපියල් බිලියන 183 ක් විදේශීය වශයෙනුත් ලබා ගැනිමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක අද ප්‍රකාශ කර සිටියේ 2016 වසර සදහා වු අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
මෙවර අයවැය යෝජනාවලිය තුළ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අතර දැනට පවත්නා පොලිස්ථාන 426 ය 600 දක්වා වැඩි කිරිමට සදහා අමතර රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කරන බවත් මුදල් අමාත්‍යවරයා පැවසිය.