Colombo Today Local News

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුගෙත් පුටු මාරු වෙයි

සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙකුට සහ පොලිස් අධිකාරීවරයෙකුට පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීම් ලබා දි තිබේ.

ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ද වේ.

නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මාරුකර යවා ඇත්තේ අධිකරණ ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසයි.

පොලිස්පති ලේකම් කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නට සේවස්ථ පුහුණු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

Related posts

ඤාණසාර හිමිට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 18කින් දැඩි බලපෑම් – බුද්ධ ශාසන ඇමති හෙළිකරයි

colombotoday

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

දේශබන්දු නැතුව යුක්තියට වුන දේ

Admin

අටළුගම ෆතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් ජාතිකයන් 10ක් අත්අඩංගුවට

colombotoday

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin