Colombo Today Local News

බන්ධනාගාර බස් රථයක ට යටවී අයෙක් මරු දකී

බන්ධනාගාර බස් රථයක පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් තිබේ.

ඊයේ (06)දින දහවල් 2.45ට පමණ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවන්කේණි හන්දිය අසලදී එම අනතුර සිදුව ති‍බේ.

වාලච්චේන දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ මඩකලපුව බන්ධනාගාරයට අයත් බස් රථයක් එම දෙසටම ගමන් කළ පාපැදියක ගැටී තිබෙන අතර අනතුරත් සමග පාපැදිකරු මාර්ගය මැදට විසිවී තිබේ.

එම දිශාවටම ගමන් කළ මඩකලපුව බන්ධනාගාරයට අයත් තවත් බස් රථයකට පාපැදිකරු යටවීමෙන් ඔහු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබුණි.

මරණයට පත්වී ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

colombotoday

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin

සිංහරාජ කැලෑව මුදුණේ වැව් හදන්නෑ. . ගිංඟගේ පහළ කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හදන්නයි සැලසුමක් තියෙන්නේ.

colombotoday

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

ආණ්ඩුවේ අලුත් වැඩෙන් ත්‍රිවිධ හමුදාව තවත් යුද්ධයක පැටළෙයි…

colombotoday

ඉන්ධන ලබාගන්න ඇමති සුසිල් රුසියාවට

colombotoday