World

ප්‍රංශ ප්‍රහාරයේ මහමොළකරු අබ්දුල් හමීඩ් පොලිස් ප්‍රහාරයෙන් මරු දකී

isis france

පැරිස් ප්‍රහාරයේ මහ මොලකරු ලෙසින් සැළකෙන අබ්දුල්හමීඩ් අබූඩ් ඊයේ වැටලීමේදී ඝාතනය කෙරෙනු බව ප්‍රංශ බලධාරීන් තහවුරු කර තිබේ. ශාන්ත ඩෙනිස් නගරයේ පෙරේදා සිදුකළ මෙහෙයුමෙන් අනතුරුව සුන්බුන් පරික්ෂා කිරීමේදී ඔහුගේ සිරුර හමුවූ විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහුගේ සිරුර සොයා ගත්තේ මහල් නිවාස සංකීර්ණයක තිබියදීයි. ඇඟිලි සළකුණු වලින් ලබා ගත් තොරතුරු අනුව අබ්දුල්හමීඞ් අබවුඞ් පැරිස් ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස තහවුරු කර ගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

බෙල්ජියම් ජාතිකයෙකු වන අබූඩ් ඝාතනයට ලක්වන විට 27වන වියේ පසුවිය.ඔහු පිළිබදව තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව ප්‍රංශ බලධාරීන් පවසනවා. මීට මාස කිහිපයකට පෙර ඔහු සිරියාවේ සිට සංක්‍රමණිකයන් හරහා ග්‍රීසියට පැමිණ ඇති බවයි සදහන් වන්නේ. කෙසේ වෙතත් කිසිදු යුරෝපීය රටක් ඔහු පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම ගැටළුවක් බව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් කැසනෙව් ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

පෘථිවියේ ගැටෙන්න යන යෝධ ග්‍රහකයක් ගැන තාරකා විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

Admin

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයි

Admin

මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයත් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් තහනම් කරමින් නීති හදයි !

colombotoday