Colombo Today Local News

අරණායක කන්ද යලිත් නාය යයි – හමුදාව ආරක්ෂක ස්ථාන කරා කැදවේ

aranayaka

අරණායක සාමසර කන්දේ පණ පිටින් වැළලුණු ගැමියන්ගේ සිරුරු සොයා අද (19) දෙවැනි වරටත් සෝදිසි මෙහෙයුමකට ගිය යුද හමුදාව ඇතුළු සහන සේවකයනට වැස්සෙන් බාධා ඇති විය. කන්ද යළිත් නාය යාම නිසා එහි යුද හමුදාව ද පොලිස් විශේෂ කාර්ය බළකායද සහන සේවකයෝ ද ආරක්ෂක ස්ථාන කරා කැඳවනු ලැබුහ.
ටික වේලාවකට පසු වැස්ස නතර වුයෙන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය යළි මළවුන් සෙවීම ඇරැඹිය.
නාය යාමෙන් හානියකට පත් නොවු බුදු මැදුර අවට ප්‍රදේශයේ යකඩ කුරු ගසමින් පොලිස් විශේෂ කාර්ය බළකාය යට වු ගෙවල් සොයන්නට වුහ.

යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙසියකට වැඩි පිරිසක් සහන සේවා කටයුතු වල යෙදී සිටිති.
මාවනැල්ල අරණායක ප්‍රධාන මාර්ගය දෙපැත්තකින් වැසු පොලිසිය හමුදාවට පොලිසියට සහන සේවකයනට හැර සෙස්සන්ට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට නොහැකි බව දැනුම් දුන්නේය.

Related posts

ගාල්ල බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට හා නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ

Admin

පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ පාර්ලිමේන්තුවට

colombotoday

ගැහුවොත් ගහනවා…

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

colombotoday

බස් රියදුරාගේ බත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

Admin