World

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී 10 දෙනෙක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු ජීවග‍්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙන නමුත් පොලිස්පති සෝරන් තොමැසන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ එය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවයි.

වෙඩි තැබීම කළ තරුණයා ඩෙන්මාර්ක ජාතිකයකු බවත් ඔහු සුදු අන්තවාදියකු බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

ඊශ්‍රායල හමුදා ගාසා තීරය දෙකට කඩයි

Admin

හමාස් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනෙක් නිදහස් කරයි

Admin

ඉන්දීය යානය බිම දැමුවේ ඇමරිකානු ප්‍රහාරක යානයකින්… ඉන්දු-පාකිස්ථාන ගැටුමට ඇමරිකාවත් මැදිවෙයි…

colombotoday