සාලාව හමුදා කඳවුරේ ගිනි නිවීමේ පෙරහුරු පැවැත්වෙන බව සත්‍ය නමුත් එවැනි පෙරහුරුවකදී මෙතෙක් ලෝකයේ කිසිම හමුදා කදවුරුක් ගිනිගෙන නොමැති බව යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
සාලාව යුද හමුදා කදවුර පුපුරා ගියේ ගිනි නිවීමේ පෙරහුරුවකදී ඇති වූ ගින්නකින් බවට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.
හමුදා කදවුරේ පැවැත්වූ පෙරහුරුව අදාළ පිපිරීමට සෘජුවම සම්බන්ධ බවට පරීක්ෂණයකින් තොරව කිව නොහැකි යැයිද බටහිර ආඥාපතිවරයා සදහන් කළේය.