Colombo Today Local News

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

ඩොලර් අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට ගමන්කර ඇතැයි ලොව ප්‍රකට ව්‍යාපාරික පුවත් සේවයක් වන ‘බ්ලුම්බර්ග්’ පෙන්වා දෙයි. පසුගිය සතියේ නිකුත් කෙරුණු දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 54% සීමාව ඉක්මවා යෑම මෙලෙස රට තුළ අධි උද්ධමනයක් ඇති කිරීමට හේතුවී තිබෙන බව බ්ලුම්බර්ග් පුවත් සේවය පවසයි.

මෙරට ඉතිහාසයේ පළමු වරට උද්ධමනය 50% සීමාව ජූනි මාසයේදී මෙලෙස ඉක්මවා ගොස් තිබිණි. එහි අර්ථය වන්නේ පෙර මාසයට වඩා ජනතාවගේ ‘ක්‍රය ශක්තිය’ හෙවත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් ජූනි මාසයේදී අඩුවී ඇති බවයි. ඉදිරියේදී විදුලි බිල ඇතුළුව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමට නියමිත බැවින් මෙම අධි උද්ධමන තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ජනතාව මත දැඩි පීඩනයක් පැටවෙනු ඇතැයිද බ්ලුම්බර්ග් වාර්තාවේ සඳහන් වේ.

“ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මැදිව සිටින ශ්‍රී ලංකාව පසුගිය සතියේ ඉන්ධන සැපයීම සීමා කළ අතර, ඉල්ලුම අඩු කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා නිවසේ රැඳී සිටින ලෙස රට වැසියන්ට දැනුම් දුන්නේය. පසුගිය සතියේ ගෙවිය යුතු මුදල් සඳහා සැපයුම්කරුවන් බලකර සිටින බැවින් රටට මුදල් සඳහාවත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.” යැයි බ්ලුම්බර්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

ප්‍රකෝටිපතියන් ඇන්දූ තිළිණි සමග DIG අජිත් රෝහණගේ පින්තූර සමාජ ජාලා කලබයි

colombotoday

ගම්මන්පිලගේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

Admin

කොල්ලුපිටියේ මහ දවල් මංකොල්ලයක්.. රන්බඩුත් අරන් හොරු පනී

colombotoday

යුක්රේනයෙන් ගෙන් වූ කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්

colombotoday

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday