Colombo Today Local News

පෙට්‍රල් දෙනවයි කියා රු.1,64,500ක් අරන් දෙදෙනෙක් මාරු වෙලා

පෙට්‍රල් ලබා දෙන බව පවසා රුපියල් 1,64,500ක(එක් ලක්ෂ හැට හතර දහස් පන්සියයක) මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු පූනෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා(02) දහවල් 02 ට පමන මෙම සැකකරුවන් දෙදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හට මැදවච්චිය කුඩාවැව ප්‍රදේශයේදී රහසිගතව ඉන්ධන ලබා දෙන බව පවසා ඒ සඳහා රුපියල් 1,64,500ක(එක් ලක්ෂ හැට හතර දහස් පන්සියයක) මුදලක් ලබා ගෙන ඇත.

ඒ අනුව ඉන්ධන ලබා දීමේ පොරොන්දුව මත එම ස්ථානයෙන් නික්ම ගිය සැකකරුවන් දෙදෙනා මුදල් ලබා දුන් පුද්ගලයාව මග හරිමින් සිට ඇත. අනතුරුව ඒ පිළිබඳ මුදල් හිමිකරු පූනෑව පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කර තිබේ.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ පූනෑව පොලිස් බුද්ධි අංශය එදිනම සවස සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 34,360ක(තිස් හතර දහස් තුන්සිය හැටක) මුදලක් සොයා ගත් බව පූනෑව පොලිසිය පැවැසීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සෙනවිරත්නගේ සලිත සඳරුවන් සෙනවිරත්න සහ පල්ලියගුරුගේ අසංක දිනේෂ් පෙරේරා නැමති, මැදවච්චිය, දුම්රිය පාර, පූනෑව ලිපිනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුරුව මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ සඳහා සැකකරුවන් ඇතුලු අත්අඩංගුවට ගත් මුදල් මැදවච්චිය පොලිසිය වෙත භාර දී ඇත.

ඒ අනුව මැදවච්චිය පොලිසිය විසින් සැකකරුවන් ඊයේ(03) දින මැදවච්චිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මැදවච්චිය-ගයාන්

Related posts

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

ට්‍රැමඩෝල් මත්පෙති විසිපන්දාහක් සමග අයෙක් අම්පාරේදී අත්අඩංගුවට !

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday

“බැඳුම්කර වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ අය මට ගහනව.. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ” – ජනපිත

colombotoday