Colombo Today Local News

“උතුරේ ජනතාවට හමුදාව ශක්තියක්..අපි නිරතුරුවම ජනතාව සමගයි” විග්නේෂ්වරන්ට හමුදාවෙන් පිළිතුරු

374c501c9587aa2639d7ac1f7f1595e7_L

යළිත් කිසිදා ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි යාපනය භාර යුද හමුදා සේනාකාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනාරත්න මහතා පවසයි.

උතුරේ ආරක්ෂක තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා යාපනය හමුදා මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි සේනාංකාධිපතිවරයා මේ බව කියා සිටියේ.

යුද්ධයක් නැති නමුත් යුද හමුදාව උතුරේ රැඳී සිටීම නිසා සාමාන්‍ය වැසියන්ට ඉන් විශාල යහපතක් මෙන්ම සේවාවක් ද සිදු වන බවත්, උතුරේ සිද්ධස්ථානවල සිදු වන සෑම කටයුත්තකදී මෙන්ම ආපදා අවස්ථාවලදී යුද හමුදාව සාමාන්‍ය වැසියන් සමග ඉතාම මිතුරුව කටයුතු කරන බවත් මේජර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

තමන්ට ඇති සියලුම ගැටළු ළගම පිහිටි හමුදා කඳවුර වෙත ඉදිරිපත් කොට සහනයක් ලබාගන්නා ලෙසත්, ඕනෑම දුක්ගැනවිල්ලක් යුද හමුදාව වෙත ඉදිරිපත් කළ හැකි බවත් ජනතාවට දැනුම් දී ඇතැයිද ඔහු එහිදි පැවසීය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් කියා සිටින්නේ යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇති බැවින් යුද හමුදාව උතුරු පළාතෙන් ඉවත් විය යුතු බවයි. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේස්වරන් වවුනියාවේදී මෙන්ම උතුරේ ස්ථාන කීපයකදීම පවසා ඇත්තේ යුද හමුදාව උතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට පොලිස් බල ඇණි යොදා උතුරේ වැසියන්ට ආරක්ෂාව සපයා දිය යුතු බවයි.

Related posts

සහරාන් සමඟ කිසිදු සබඳතාවක් නැතැයි කියන හකීම් මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකටවත් “පිහියක්” නැතිලු

colombotoday

TIDයේ හිටපු ප්‍රධානියා ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

ලාබෙට දෙන්න රටින් ගෙනා හාල්වල අධික විෂක්.. කෑවොත් මිනිස් ජීවිත අනතුරේ !!

colombotoday

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

නව යුද හමුදාපතිවරයා ධුරයේ රාජකාරී අරඹයි

colombotoday