Colombo Today Local News

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

බලශක්ති අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ජාතික ඉන්ධන බලපත්‍ර’යට අදාල QR කේතය ක්‍රියාත්මක කිරීම ලබන අගෝස්තු මස 1 වැනිදා දක්වා කල්දමා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අගෝස්තු මස 1 වැනිදා සිට QR කේතය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ජාතික යොවුන් සේනාංක, ජාතික තරුණ සභාවේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 තුළ QR කේත ක්‍රමය ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන බවත් අමාත්‍යවරයා කියයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම වැඩසටහන සති කීපයක සිට සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බවට අවස්ථා කීපයකදී පැවසුව ද මේ දක්වා ක්‍රියාත්මක නොවූ අතර අමාත්‍යවරයා අවසන් වරට පැවසුවේ අද (25)දින සිට ක්‍රියාත්මක කරන බවයි.

Related posts

උපවාස ජොගියත් හමාරයි… පොලිසියෙන් විත් කුදලන් යෑමට පෙර උපවාසකාර හිමිනම නිදහස් චතුරශ්‍රයෙන් පිටමං වෙයි !

colombotoday

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

Admin

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

ලංවිම 2017 අලාභය කෝටි 4923 යි… 2016 අලාභයට සාපේක්ෂව 240%ක වැඩිවීමක්

colombotoday

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක… ඉදිරියේදී රට තුළ වාහන හිගයක්…

colombotoday