බලංගොඩ, කිරිඳිගල, ශෛලතලාරාම ප්රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු නිවැසියන් විසින් පහරදී ඝාතනය කරනු ලැබ තිබේ.
කිරිඳිගල ප්රදේශයේම පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
අදාළ පුද්ගලයා ඊයේ රාත්රියේ අදාළ නිවසට ඇතුළුවී ඇති අතර නිවැසියන් පහර දීමෙන් ඔහු මිය ගොස් ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් 04 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.