Colombo Today Local News

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 1,300ක ප්‍රමාණයෙන්, පිරවුම් හල් 600ක් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම් දෙකකට දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

එම එක් සමාගමකට පිරවුම්හල් 300 බැගින් සමාගම් දෙකට පිරවුම්හල් 600ක් ලබා දීමට ඒ අනුව කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා පවසයි.

නීතිගත සංස්ථාව සතු 90%ක ඉන්ධන පිරවුම් හල් ප්‍රමාණයෙන් 70%ක් තෙල් නිෂ්පාදිත රටවල සමාගම්වලට හිමිවීමට නියමිත බව ද එම නිසා මෙරට බලශක්ති ක්ෂේත්‍රය රටට අහිමි වීමේ අවදානමක් ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසිය.

පසුගිය ජුනි (26) වන දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම කටයුතු සකස් කර ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදජන් කරයි.

Related posts

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday

“අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා” ඥානසාර හිමියන් වැලිකඩ සිට ලියූ ලිපිය

colombotoday

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday

කෙණෙහිලිකම්වලට එරෙහිව ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධයේ…

colombotoday

“අලුත් ව්‍යවස්ථාව ගැන සමහරු බොරු ප්‍රචාර කරනවා.. මේවා ජාතික අපරාධ“ – ජනපති

colombotoday

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කර අමානා බැංකුවේ මුදල් තැන්පත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවට දැනුම් දීලා

colombotoday