Colombo Today Local News

මෝල් ගසකින් පහර දී දියණියක් මව මරා දාලා

බොරැල්ල, සිංහපුර මහල් නිවාස සිංකීර්ණයේ ඊයේ (ජූලි 17) උදෑසන කාලයේදී කාන්තාවක ඝාතනය කර තිබේ.

මරණකාරිය වයස අවුරුදු 65 ක් වන සිංහපුර මහල් නිවාස සිංකීර්ණයේ පදිංචිකාරියකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ දුව කුඩා ප්‍රමාණයේ මෝල් ගසකින් හිසට පහර දී ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

“විශ්වාසභංගයකින් ඉවත්කරනතුරු මම යන්නේ නෑ“ – අගමැති දැඩි තීන්දුවක

colombotoday

(Video) අලුත් අවුරුදු, නත්තල් සල්පිලේ බුදු රුවට නිගා දෙන ඇඳ ඇතිරිලි

colombotoday

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

Admin

රනිල්ගේ තවත් උත්සවයකට මැතිවරණ කොමිසමෙන් පනී

Admin

කොකේන් කමිටුව ස්වාධීන නෑ… රන්ජන්ගෙන් අලුත් චෝදනාවක් !

colombotoday

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday