Colombo Today Local News

පාර්ලිමේන්තුව රැස් වේ!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව වෙත දැනුම් දීම සඳහා අද (ජූලි 16) පෙරවරු 10.00ට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වන ලෙසට සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

ව්‍යවස්ථානුකූලව වැඩ බලන ජනාධිපතිවරයා ලෙසට නව ජනාධිපතිවරයෙකු පත් කරගන්නා තෙක් ඊයේ (ජූලි 15) අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදී වැඩබලන ජනාධිපතිපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේ ය.

අද (ජූලි 16) දිනයේ පාර්ලිමේන්තුවට නිල වශයෙන් 7 වන විධායක ජනාධිපතිවරයාගේ නිල ඉවත්වීම දැනුම් දීමෙන් අනතුරුව එළඹෙන 19 වන දින නව ජනාධිපතිවරයෙකු සඳහා නාම යෝජනා කැඳවීමට නියමිතව තිබේ.

පසුව ජූලි 20 වන දින 1981 අංක 02 දරන ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ විට ව්‍යවස්ථානුකූලව ක්‍රියා කරන ක්‍රියාපටිපාටියට නව ජනාධිපතිවරයෙකුගේ අනුප්‍රාප්තිය ඉදිරි දෙවසර සඳහා හිමිවනු ඇත.

නව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා තරග වැදීමට මේ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.

Related posts

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

ජනපති නියමයෙන් ෆොන්සේකාගේ අලි ඇල්ලීමේ මෙහෙයුමට නතර කරයි

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

ඉල්ලීම් නොසැළකේ.. ගෝඨාභයගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අදින් ඉවතට !

colombotoday

එන්නත් මාත්‍රා දෙකම නොගත්අය පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය

colombotoday

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

colombotoday