ඩීසල් රැගත් නෞකාවක් අද (16) උදෑසන මෙරටට ළඟා වී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එහි සාම්පල් පරීක්ෂාව මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ය.
එමෙන් ම, ඩීසල් තොග රැගත් තව ත් නෞකාවක් අද (16) දිනය තුළදී මෙරටට පැමිණීමට නියමිත බව ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.
මේ අතර, පෙට්‍රල් රැගත් නෞකාවක් මෙම මස 18-19 යන දිනයන්හිදී පැමිණීමට නියමිතව ඇති බව ත් මෙම ඉන්ධන නෞකා තුනේ ගෙවීම් කටයුතු සිදු කර අවසන් බව ත් අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් වේ.