කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය නොකළහොත් රට “වැසී යා” හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි.
BBC නිව්ස්නයිට් වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේ සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය තරම් විදේශ විනිමය සොයාගත හැකිවේදැයි යන්න සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවයක් ඇති බවයි.
ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර සහාය ලබාගත හැකි වන්නේ “ස්ථාවර රජයක්” පැවතීම යන කාරණය මත බව ඔහු පෙන්වා දී ඇත.