Colombo Today Local News

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස 20 වැඩි ජනතාවට මාර්ගගත (Online) හා කෙටි පණිවුඩ SMS මගින් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක්, වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන් කර ගැනීම සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

කොළඹ 20-30 අතර ජනතාව මෙම එන්නත ලබාගැනීමට සුදුසුකම් ලබන අතර ගම්පහ සහ කළුතර දිස්තික්වල 20ට වැඩි සියලුදෙනාම ඒ සඳහා සුදුසුකම් ලබයි. එන්නත් ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ.

සුදුසුකම්ලත් පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වීම සිදු කළ හැකිය.

කෙටි පණිවුඩ මගින් ලියාපදිංචි වීම සඳහා පහත දැක්වෙන විධානයන් ටයිප්කර 1906 වෙත යොමුකළ යුතුවේ.

පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා districtsලෙස සටහන් කර යවන්න.

පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් කේත අතරින් ඔබගේ දිස්ත්‍රික් කේතය තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH කේත ලැයිස්තුව ලැබෙනු ඇති. උදා :කොළඹ ( COL)

පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා: COL2) පහත සදහන් ආකාරයට ටයිප්කර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන කේතයන් ලබාගත හැකියි.

පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීමට ඔබ ලබාගෙන ඇති කේතයන් ඇසුරින් පහත ආකෘතිය සම්පුර්ණකර කෙටි පණිවිඩයක් යවන්න.

<ජාතික හැදුනුම් පත් අංකය><හිස්තැනක්><එන්ත්නත්කරණ මධ්‍යස්ථානය>

සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇත. නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකිය.

Related posts

වීරයකු ලෙස ඥානසාර හිමි නිදහස් කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරු චරිත් සේනානායක ඉල්ලයි

colombotoday

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩ

colombotoday

ඉරාන ජනපති මෙරට නිල සංචාරයක

Admin

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday