මෙරටට පැමිණ ඇති මෙට්රික් ටොන් 3,700 ක ගෑස් තොගයේ බෙදා හැරීමේ කටයුතු අද (11) දහවල් 12.00 පමණ වන විට ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසයි.
අද සහ හෙට අදාළ ගෑස් තොගයෙන් 70% ක්ම කොළඹ නගරය ආශ්රිතව බෙදාහැරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති මුදිත් පීරිස් මහතා පවසයි.
මේ අතර අද රාත්රි ගෑස් මෙට්රික් ටොන් 3,700 කට ආසන්න ප්රමාණයක් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව ද ඔහු පවසයි.
එම ගෑස් තොගයෙන් 30% ක් කොළඹ දිස්ත්රික්කය තුළ හා ඉතිරිය සෙසු ප්රදේශවලට ද බෙදාහැරීමට නියමිතව තිබේ.