Colombo Today Local News

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

නීතිවිරෝධී ලෙසින් ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කර කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සඟවා තිබියදී පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව‍්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගත් කහ තොගයක් කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා විනාශ කර තිබේ.

මෙලෙස විනාශ කරන ලද කහ කිලෝ 1380 කුත් ග්‍රෑම් 500 ක් ගිනි තැබූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට ආසන්න වේ. වත්මන් වෙළද පොළ වටිනාකම රුපියල් ලක්ෂ 96 ක් පමණ වේ.

මෙම ගිණි තැබීම පිළිබඳව අදහස් දක්වමින් කල්පිටිය සහකාර පොලිස් අධිකාරී ඩී.ඩී.පී.වීරසිංහ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් සහ නියෝග මත, මෙම කහ තොගය ගිනි තබා මුළුමනින්ම විනාශ කර උසාවියට කරුණු වාර්තා කරන බවයි.

Related posts

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

වැඩිමිලට බිත්තර අලෙවි කරන්නන් සොයා වැටලීම්

Admin

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday