Colombo Today Sports News

කලම්බු කින්ග්ස් ජැෆ්නා ස්ටැලියන්ස් ගේ අපරාජිත වාර්තාව බිඳ දමයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ 11 වැනි තරඟය ඊයේ (04)දින පැවැති අතර එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත වාර්තාව බිඳ දමන්නට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත්විය.

ඒ ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව කලම්බු කින්ග්ස් තරඟය කඩුලු 06කින් ජය ගනිමිනි.

පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 148කි.

කලම්බු කින්ග්ස් ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ ස්ටැලියන්ස් පිතිකරුවන්ට සාර්ථක වන්නට අවස්ථාව නොලැබුණි.

ස්ටැලියන්ස් ඉනිම වෙනුවෙන් වනිදු හසරංග රැස්කළ ලකුණු සංඛ්‍යාව 41කි.

ජයග්‍රගණය සඳහා ලකුණු 149ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කලම්බු කින්ග්ස් එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු දෙකකදී පසුකර ගියහ.

එහිදී කලම්බු කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 68ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

Related posts

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

නිරෝධායන ක්‍රියාවලිය නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි

colombotoday

ගාලු කොටු පවුරේ සිට කණ්ඩායම දිරි ගැන්වූ ක්‍රිකට් ලෝලියාට එංගලන්ත නායකයාගෙන් ලැබුණු දුරකතන ඇමතුම.

colombotoday

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරඟාවලිය ඇරඹෙයි

colombotoday

භානුක රාජපක්ෂ කැපුනේ ඇයි – ඇමති නාමල් රාජපක්ෂ හේතු කියයි

colombotoday

දෙවැනි එක්දින තරඟය අද

colombotoday