Colombo Today Local News

සීතල පුටවල උදම් අනමින් සිටියදී ත්‍රස්තවාදීන් ගිනි පුපුරු අළු අතරින් මතුවනවා – සරත් ෆොන්සේකා කියයි

සීතල පුටවල වාඩිවී උදම් අනමින් සිටියත් ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළු අතරින් මතුවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (3)දින පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.


“ඊයේ බෝම්බයක් සමග හිටපු කොටි ත්‍රස්තවාදී කාන්තාවක් අසුවුණා. මේ ත්‍රස්තවාදයේ ගිනි පුපුරු තවම තියෙනවා. සීතල පුටුවලට වෙලා අපි ත්‍රස්තවාදය පරාජය කළා කිය කිය ඉඳලා හරියන්නේ නෑ. මේවා හොයල බලන්න ඕනේ. මහවිරු දිනය සැමරීමත් නීති විරෝධියි. එල්ටීටීඊය කියන්නේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක්. අපේ පක්ෂයේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයත් මහවිරු සැමරුම ගැන කියලා තිබුණා. ඒවා වැරදියි” යනුවෙන්ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

Related posts

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday

මිලියන් 500ක් ඉල්ලා හිටපු ඇමති විජේදාසගෙන් “කැෆේ” කීර්තිට එන්තරවාසියක් !

colombotoday

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

colombotoday

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday