දිවයින පුරා පළාත් පාසල් වල ගුරුවරුන් 8000කගේ ඌනතාවයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ගුරු පුරප්පාඩු 22,000 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී විජේරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.