Colombo Today Local News

කට්ටි පැන්න ජොනි අත්අඩංගුවට ගන්න දෙන්න එපා කියමින් පෙත්සමක් එක්ක මතු වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සම මගින් ඔහු සඳහන් කර ඇත්තේ, පසුගිය මැයි මස 9 වන දා කොල්ලුපිටිය මයිනාගෝගම සහ ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලවලට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇති බව ය.

ඊට අදාළව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව ද ඔහු එහි සඳහන් කර ඇත.

තව ද නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව සැකකරුවෙකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අතර එය නීතියට පටහැනි බව ඔහු එහි සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන්, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related posts

මාධ්‍යවේදියෙකුට බලපෑම් කළ නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට

colombotoday

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරයට ලංකා ජයරත්න. රංග දිසානායක කොටුවට මාරු කෙරේ

colombotoday

ජිනීවා කොටි අඩවියේ සිංහ කොඩිය එසවූ සෙන්පති දිවයිනට.. පිලිගන්නට මහ සෙනගක් ගුවන්තොටට

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

කොස්ගොඩ සුජී යළි කරලියට

Admin