Colombo Today Local News

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

නැවත වරක් මෙරටට බලපෑ උග්‍ර ඉන්ධන අර්බුදය මධ්‍යයේ ඊළඟ ඩීසල් හා පෙට්‍රල් නෞකා මෙරටට පැමිණෙන්නේ ලබන 16 සහ 21 වන දා දිනයන්හිදී බව වාර්තාවේ.

මෙරට ඩීසල් සංචිත දැඩි ලෙස මේ වන විට පහත වැටී ඇති අතර මීට යම්තාක් දුරක හෝ සහනයක් ලැබෙන්නේ ලබන 16 වන දා මෙරටට පැමිණෙන ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 තොගය ගොඩබෑමෙන් පසුව බව ද වාර්තාවේ.

පෙට්‍රල් නෞකාවක් නැවත මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන 21 වන දා වන අතර එලෙස පැමිණෙන නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000කි.

මෙම අර්බුදය මැද ඉන්ධන සීමා සහිතව ඉන්ධන හල් වෙත බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කොට ඇත.

එසේ ම හෙට (ජූනි 9) හෝ අනිද්දා (ජූනි 10) ඩීසල් නෞකාවක් මිලට ගැනීමට සාකච්ඡා කළ ද එහි අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ද සඳහන් වේ.

මෙරට ඩොලර් අර්බුදය මත ඉන්ධන නෞකා මිල දී ගැනීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ලබන 16 සහ 21 වන දා පැමිණෙන නෞකා ලබා ගෙන ඇත්තේ ඉන්දියානු ණය ආධාර යටතේ බව ද සඳහන් වේ.

ඒ අනුව, මෙලෙස නෞකා පැමිණෙන තෙක් ඩීසල් සහ පෙට්‍රල් සීමා සහිතව ඉන්ධන හල් වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර දිනකට ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් ඉන්ධන හල් වෙත නිකුත් කෙරෙන බව ද පැවසේ.

මේ තත්ත්වය මත මේ වන විට ප්‍රදේශ රැසක ඉන්ධන හල් දවසින් දවස වැසී යෑමේ අවදානමක් මතුව ඇති අතර ඉන්ධන පැමිණෙන තෙක් කිලෝමීටර් ගණන් පෝලිම්වල සිටින බව ද දක්නට ඇත.

Related posts

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

colombotoday

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් ගැන සොයන්න කමිටුවක්

Admin

සිමෙන්ති කම්හලක් බව පවසා හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ

colombotoday

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday