Colombo Today Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන විජය මලලසේකර මහතා අද(05) උදෑසන අභාවප්‍රාප්ත විය.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ විජය මලලසේකර මහතා මිය යන විට 77 වැනි වියේ පසුවිය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ ඒ මහතා පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහි ක්‍රිකට් කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කළේ ය.

රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන රැසක ඉහළ තනතුරු දැරූ මලලසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරට පත් වූයේ 2001 වසරේදී ය.

ඔහුගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකාව අඛණ්ඩව ටෙස්ට් තරග 10ක් ජය ගෙන තිබේ.

Related posts

කණු පෙරළුවේ බමන මතින් බව සනාථයි.. අධිකරණ වෛද්‍ය වාර්තාව සහතික කරයි

colombotoday

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

colombotoday

ඉන්දියාවේ සිට රැගෙන එමින් තිබු කහ කිලෝ 6000ක්සමග සැකකරුවන් සිව්දෙනෙකු නාවික හමුදා බාරයට

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ ඇප සළකා බැලිම සම්බන්ධයෙන් නීතීපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday