Colombo Today Local News

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත හෙට (09)දින අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පනත් සංශෝධනය තුළින් කිසිදු ලෙසකින් තරගකාරීත්වයක් අහිමි නොවන බවත් සිදු වන්නේ, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා තිබූ නෛතික බාධාව ඉවත් කිරීම පමණක් බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලිබල මණ්ඩලයේ සීමිත කොටසක් පමණක් මේ සඳහා විරුද්ධ බවත් සශෝධනයෙන් පසුව වුවද මිල ගණන් තීන්දු කිරීමේ බලය ඇත්තේ විදුලි බල මණ්ඩලය සතුව බව ද අමාත්‍යවරයා කියා සිටී.

මේ අතර අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ, පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්මට සහය නොදෙන්නේ නම් විදුලි බිල වැඩි කිරීමේ මණ්ඩලයේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බවයි.

“විදුලිබල මණ්ඩලය පසුගිය සතියේ මගෙන් ඉල්ලීමක් කළා 300% කින් විදුලි බිල වැඩි කරන්න කියලා විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි. අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 250යි. රුපියල් බිලියන 500ක හිඟයක් තියෙනවා. හැබැයි වැඩිපුර මුදලක් යන්නෙ මොකට ද ? මේ ඩීසල් බලාගාරවලට ඉන්ධන මිලදී ගැනීම සඳහා යන මුදලත් නිලධාරීන්ගේ වැටුප්වලට යන වියදම්. සෑම අවුරුදු 3කට සැරයක්
නිලධාරීන්ගේ වැටුප 25%කින් වැඩි කරනවා. එතකොට මේ වැඩි වෙන වැටුප්වලට ගෙවන්න ඕන මේ බිල ජනතාව මත දාලද? මම පැහැදිලිව කියනවා එැවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගේන්න මම කටයුතු කරන්නේ නෑ”

විදුලිබල මණ්ඩල නිලධාරීන් සිදු කළ යුත්තේ, උත්පාදන වියදම අඩු කිරීමට ක්‍රියා කිරීම මිස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කර සිය වැටුප් වැඩි කර ගැනීම සඳහා ජනතාව මත බර පැටවීම නොවන බව පවසන අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ, තමන් එවැන්නකට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

Related posts

ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කිරීමට යෝජනා වේ…

colombotoday

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

Admin

මහින්දගේ දේශපාලන වයපරයත් එක්ක හැප්පෙනවා බොරු – 2020 ගෝඨා ජනාධිපතිවීම නියතයි – නිර්මාල්

colombotoday

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

colombotoday

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

colombotoday

කරාටේ ශූර නයිට් ක්ලබ් හිමි කරු කපා කොටා මරා දමයි.

colombotoday