Colombo Today Local News

වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට

ස්වීඩනයේ ගෝතන්බර්ග් විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකට අනුව වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව තිබෙන බව පරිසර ක්‍රියාකාරී වෛද්‍ය ප්‍රසන්න කුරේ සඳහන් කරයි.
අද වනවිට ලෝකයේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට බලපාන දෙවැනි ප්‍රධානතම සාධකය වන්නේ ලෝකය පුරා සිදුවන දැවැන්ත වනාන්තර විනාශය බවත්, එම විනාශය සිදුකරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙරට සිදුවන වනාන්තර විනාශය නිසා රටේ වන ගහනය මෙරට භූමි ප්‍රමාණයෙන් 16%කට අඩුවී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් ආණ්ඩුව සංඛ්‍යා දත්ත පෙන්වමින් රටේ වන ගහනය 26%ක් පමණ බව පුන පුනා පවසමින් රටේ ජනතාවට වැරැදි චිත්‍රයක් මවාපාන බවද හෙතෙම සඳහන් කරයි.

Related posts

කටුනායක ගුවන්තොටුපල වසාදැමේ !

colombotoday

අල්ලස් කොමිසමේ රථගායට මහජන මුදල් හත් කෝටියක්

colombotoday

“ලාච්චුව ඇරල දෙනව වගේ සල්ලි දෙන්න බෑ.. උද්ඝෝෂණය අසාධාරණයි“ ආරක්ෂක ලේකම්

colombotoday

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

colombotoday

අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම ඇරඹේ…

colombotoday