Colombo Today Local News

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

අත්හිටවූ සිරදඬුවම් නියම වී සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පොරොන්දු නෝට්ටු බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි යන චෝදනාවට ප්‍රසන්න රණතුංග මහතාට ඊයේ (6)දින වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ නියම කළේ ය.

2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

මෙම නඩුවේ තුන් වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබිණි.

Related posts

ETCA එන්නත් කලින්.. විදේශිකයන් තුන් ලක්ෂයක්, අඩු කුලියට මෙරට කම්කරු වැඩවල

colombotoday

(VIDEO) “සෝභිත හිමි ඝාතනය නොවූ බවට ඇතැම් අය තීන්දුවත් දීල ඉවරයි.. මේ ගැනත් ඇතිවන්නේ සැකයක්” – උඩුවේ හිමි

colombotoday

රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් අරඹයි

Admin

කථානායක ධුරයට මගේ අකමැත්තක් නෑ – මහින්ද යාපා කියයි

colombotoday

ජනාධිපතිවරණය කල්දැමීමේ කූට උත්සාහයට එරෙහි වෙනවා- ඩලස් අලහප්පෙරුම

colombotoday

මීගමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ජනතා විරෝධය

colombotoday