World

කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50 දෙනෙක් මරුට

නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ඊයේ (5)දින තුවක්කුකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරයෙන් දේවස්ථානයේ සිටි බැතිමතුන් 50කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිරිතදිග නයිජීරියාවේ, ඔන්ඩු ප්‍රාන්තයේ, ඕවෝ නගරයේ සාන්ත ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉරිදා දිනයේ බැතිමතුන් එහි එක්රැස් වූ අවස්ථාවේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මිය ගිය පිරිස අතර දරුවන් ද සිටින බව එම වාර්තාවල දැක්වේ.

වෙඩි තැබීමට අමතරවර පිපිරීම් කිහිපයක් ද එහි සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts

මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා වින්ඩෝස් 11 එළිදකී

colombotoday

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව ප්‍රභේදය

colombotoday

ලොව ප්‍රථම වරට ලප නැති ජිරාෆ් පැටවෙක් උපත ලබයි

Admin

බෝම්බක් ගැන ලද පණිවුඩයකින් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

Admin

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

ලොව පුරා සේවය කරන එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 86 කට කොරෝනා

colombotoday